
ස්වභාවය • මනුෂ්යත්වය • වගකීම
සොබා සේනාංකයස්වභාදහම උදෙසාමනුෂ්යයත්වයේ මෙහෙවර.
ස්වභාවධර්මය සුරැකීම යනු පරිසරය සුරැකීම පමණක් නොව, මනුෂ්යත්වයේ අනාගතය සුරැකීමයි.
ස්වභාවධර්මය වෙනුවෙන් එක්වන මනුෂ්යත්වය
තනි තනිව වෙනස් වෙමු. අවසානයේ සුන්දර ලොවක් ගොඩනැගේවි.
දැක්ම • මෙහෙවර • ප්රධාන අරමුණ
ස්වභාවික සමතුලිතතාව වෙනුවෙන්
සියලු ශ්රී ලාංකිකයන් ස්වභාවධර්මය වෙත මනුෂ්යත්වයේ වගකීම හා වගවීම පිළිබඳ දැනුවත් කිරීම.
ස්වභාවධර්මය පිළිබඳ පුළුල් සමාජ සංවාදයක් සඳහා පසුබිම සකස් කිරීම.
ස්වභාවධර්මය ආරක්ෂා කිරීම සඳහා අවශ්ය පුද්ගල ආචාර ධර්ම සහ ස්වයං විනය ස්ථාපිත කිරීම.
ස්වභාවික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා සමාජ වගකීමෙන් යුතු ප්රජාවක් බලගැන්වීම.
ස්වභාවික ආපදා ඇතිවීමට බලපාන හේතු අවම කර ආරක්ෂිත රටක් වෙනුවෙන් දායක වීම.
ක්රියාකාරී ව්යුහය
ස්වභාවධර්මය වෙනුවෙන් වෙනස පුද්ගලයාගෙන් ආරම්භ වී සමාජය දක්වා ගමන් කරයි.
පුද්ගල මට්ටම
ස්වභාවික සමතුලිතතාවයට බාධා කරන තමන්ගේ ක්රියා හඳුනාගෙන ඒවා අවම කරමින් ස්වයං විනයෙන් හා වගකීමෙන් ක්රියා කිරීම.
කණ්ඩායම් මට්ටම
එකම අරමුණ හා වගකීම සහිත පුද්ගලයන් එක්ව ස්වභාවධර්මය ආරක්ෂා කිරීම සඳහා සාමූහික දායකත්වයක් ලබාදීම.
සමාජ මට්ටම
ස්වභාවධර්මය සඳහා ආචාර ධර්ම හා නීතිගරුකභාවය ශක්තිමත් කරන සමාජ මතයක් ගොඩනැගීම.
සොබා ආරක්ෂකයෙකු වන්න
ස්වභාවධර්මය ආරක්ෂා කිරීමේ වගකීම පිළිගන්නා ඕනෑම ශ්රී ලාංකිකයෙකුට මෙම මෙහෙවරට එක්විය හැක.
ජාතිය, ආගම, පන්තිය, කුලය, භාෂාව හෝ දේශපාලන බෙදීම් නොසලකා සෑම ශ්රී ලාංකිකයෙකුටම එක්විය හැක.
සොබා සේනාංකයේ අරමුණු හා මූලධර්ම පිළිගැනීම අවශ්ය වේ.
ස්වභාවධර්මය වෙනුවෙන් වගකීමෙන් හා ස්වයං විනයෙන් ක්රියා කිරීමට සූදානම් විය යුතුය.
සොබා සේනාංකයේ ප්රතිඥාව
සොබා සේනාංකයේ ප්රතිඥාව මා අද දින මේ මොහොතේ සිට, ස්වභාවධර්මයට ගරු කරමින්, අනුගත වෙමින් මේ මහ පොළෝ තලය, වා තලය, සාගරය, ජල සම්පත්, ගහකොළ සහ සියලු ජීවීන්ගේ යහපැවැත්ම සුරැකීමටත්; ස්වකීය වාසිය උදෙසා ස්වභාවධර්මයේ සමතුලිතතාවයට හානි වන කිසිදු ක්රියාවක් නොකිරීමටත්, එවැනි ක්රියාවකට ක්රියාවෙන් හෝ වචනයෙන් අනුබල නොදීමටත්; ස්වභාවධර්මයට සිදුවන හානි වැළැක්වීමට නීත්යනුකූලව, සාමකාමීව හා වගකීමෙන්, වගවීමෙන් යුතුව මාගේ හැකි උපරිම දායකත්වය ලබා දීමටත්; ස්වභාවධර්මය සාක්ෂි කොටගෙන, සොබා සේනාංකයේ අරමුණු හා ආචාරධර්මවලට අනුගතව, ස්වයං විනයෙන් හා මනුෂ්යත්වයෙන් යුතුව මාගේ මාතෘභූමියේ ආරක්ෂාව උදෙසා කටයුතු කිරීමටත් මෙයින් ප්රතිඥා දෙමි. /දිවුරැම් දෙමි. “සොබා සේනාංකය - සොබාදහම වෙනුවෙන් මනුෂ්යත්වයේ ප්රතිඥාවයි.”
සොබා සේනාංකය සමඟ එක්වන්න
නවතම නිවේදන
නිවේදන ලබාගනිමින්...


අදහස් හා යෝජනා
ඔබේ අදහසක්, යෝජනාවක් හෝ ස්වභාවධර්මය වෙනුවෙන් කළ හැකි ක්රියාවක් අප සමඟ බෙදාගන්න. ඔබ එක් කරන අදහස දාපු ගමන්ම සජීවීව පෙන්වනු ලැබේ.
0 අදහස්
ජනතාවගේ හඬ
අදහස් ලබාගනිමින්...